Text


Thursday, July 14, 2011

Notepad එකෙන් ආතල් වැඩ ටිකක් ....

                                                           ගොඩ දවසකට පස්සේ අද තමා ඔන්න පෝස්ට් එකක් දාන්න වෙලාව ලැබුනේ. ඉස්සරෝම කියන්න ඕන කලින් පෝස්ට් එක බලපු, comment කරපු, දිරිගන්වපු හැමෝටම ගොඩක් ස්තුතියි.අද කියන්න යන්නෙ  ඔන්න Notepad ගැන. කම්පියුටරේ අපි අඩුවෙන්ම භාවිතා කරන editor එකක්නෙ මේ Notepad කියන්නේ :D ඒත් මේකෙන් කරන්න පුළුවන් වැඩ නම් හරිම ලොකුයි. ඒ වගේම හරිම භයානකයි. :O ඒ මොකද කියලා මේක කියවලා ඉවර උනාම තේරෙයි ඔයාලට .
                                                         ඇත්තටම මේවා Batch Script කියලත් හදුන්වනවා. හැබැයි Windows වල විතරයි වැඩ කරන්නේ.කතා ඇති දැන් වැඩේට බහිමු.ඉස්සරෝම Notepad එක ඕපන් කරගන්නකො.(Start > Run ගිහිල්ලා Notepad කියලා type කරන්න.

Applications  ඕපන් කරගන්නා  ආකාරය.

                                        Notepad එකේ මේ විදියට ටයිප් කරගන්න. 
start notepad 
start wordpad 

ඊට  පස්සේ මේක test.bat කියන නමින් save කරගන්න.හොදට මතක තියාගන්න අගට .bat කියන නමින්ම save වෙන්න ඕනේ.දැන් save වුනු ඒක ඕපන් කරලා බලන්නකෝ .අපි දුන්න විදියට notepad එකයි wordpad එකයි ඕපන් වෙලා ඇති.කරන්න තියෙන්නේ අර bat file ඒක ඩබල් කිලික් කරන ඒක විතරයි.තව calc, firefox, winword, excel වගේ application වල නම් මේ විදියටම  දීල ඒවා ලේසියෙන් ඕපන් කරගන්න පුළුවන්.

හැබැයි ඔන්න මෙහෙම නම් ටයිප් කරන්න එපා  :D

start notepad 
start test.bat 

දැක්කම තේරෙනව නේද වෙන්නේ මොකක්ද කියලා.ඒක පාරක් notepad ඒක ඕපන් උනාට පස්සේ bat file ඒක ආයෙම run වෙනවා.ඒ කියන්නේ notepad ගොඩා.....ක් ඒක දිගට ඕපන් වෙන්වා .හරියට virus එකක් වගේ නේ :D. මේක run උනාට පස්සේ නවත්තා ගන්න ඕනේ නම්  ctrl + alt + del ඔබලා try කරලා බලන්න.


තමන්ට  කැමැති  Message එකක් display කරගන්න  හැටි...

                                                          Notepad එකේ  යටින් තියෙන  කෝඩ් ඒක  ටයිප් කරන්න. නැත්තම් මේක Copy කරලා  Paste කරගන්නකො. 
@ Echo off
 Msg *  Hi ! How are you?


ඊට පස්සෙ මේක test.bat කියන නමින් save කරගන්න.නම ඒකම වෙන්න ඕනේ නැහැ. ඒත් අනිවා අගට .bat කියන extension එකෙන් save වෙන්න ඕනෙ.මේ bat file වැඩ කරන්න ඒවා ඔපන් කරන්න ඕනේ. හරි දැන් save කරගත්ත එක ඕපන් කරලා බලන්නකෝ.එතකොට මෙහෙම පෙනෙයි.


තේරෙන සිංහලෙන් කියනවා නම් මෙහෙමයි වෙන්නේ.මේ bat file වැඩ කරනකොට ඒක command prompt එකේ පෙන්වනවා.ඒක නොපෙන්වන්න තමා @ Echo off  කියලා type කරන්නේ. ඊට පස්සෙ Msg * එ‍කට පස්සේ කොටස තමා අර ඕපන් වෙන dialog box එකේ පෙන්වන්නේ.ඉතින් එතෙන්ට  තමන්ට ඕන මැසේජ් එකක් දාගන්න පුළුවන්.ආරම්භයක් විදියට bat file වැඩ කරන විදිය ගැන කියන්න තමා මම මේ උදාහරණය ගත්තේ. එහනම් දැන් බලමු පොඩි වැඩ කෑල්ලක් දාන හැටි :ඩි 

Mouse එක කණපිට හරවමුද ?

ඉස්සරෝම Notepad එකේ මේක ටයිප් කරගන්නකෝ.

@ Echo off 
Msg * I'm going to make your Mouse crazy. :D
Rundll32 user32,SwapMouseButton

කලින් උදාහරණයේ විදියට  Msg * එකෙන් මොකක්ද වෙන්නේ කියල  දැන් දන්නවානේ... ඒවා තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්න. ඊට පස්සෙ කැමති නමකින් save කරගන්නකෝ. (උදා- swap.bat). හෝව් හෝව් !.... ඕපන් කරන්න කලින් මේකත් අහගන්න.... ඕක ඕපන් කරපු ගමන මවුස් පිස්සු කෙළියි. ඌ  ආයේ යථාතත්වයට පත් කරගන්නේ මෙහෙමයි.

windows xp නම් : 

Start > Control panel > Mouse ගිහිල්ලා ඒකෙ Button Configuration වල තියෙන  Switch primary and secondary buttons ඒක ටික කරන්න. එතකොට වැඩේ හරි ඔන්න. :)

windows 7 නම් :

Start > Control panel > Mouse ගිහිල්ලා ඒකෙ Button Configuration වල තියෙන devices වලින් Other pointing devices තෝරන්න.ඊට පස්සේ Right-handed කියන රේඩියෝ බ්ටන් ඒක ක්ලික් කරගන්න.දැන් හරි ඔන්න. :)

                                       මේ විදියට bat file එකක් ඩබල් ක්ලික් කරපු ගමන් කම්පියුටර් එක ඇතුලේ ගොඩක් දේවල් වෙනස් වෙන විදියට notepad ඒකෙ වැඩසටහන් ලියන්න පුළුවන්.  ඒවගේ තවත් ආතල් වැඩ  කරන විදිය ගැන අපි ඉස්සරහට බලමු . බලපු අය මොනවා හරි comment එකක් වත් දාලා යන්න හොදේ.

5 comments:

  1. wade hodai yaluwa..thawa karanna puluwan athal wada tikak danna

    ReplyDelete
  2. පට්ප මචන් ඔය තියෙන්නේ කොල්ලගේ වැඩ

    ReplyDelete
  3. එල එල....පට්ටයි මචං...පොඩි පුරස්නයක් තියනවා... .bat ෆයිල් එකක් run කරලා,අරවගේ message box එකකින් input දෙන්න පුලුවන්ද ඒ bat ෆයිල් එකටම අපිට?

    ReplyDelete
  4. input massage box හදන හැටි ගැන ඉස්සරහට පෝස්ට් එකක් දානවා මචෝ.

    ReplyDelete