Text


Wednesday, July 20, 2011

Notepad එකෙන් ආතල් වැඩ ටිකක් #2

                                                           කලින් පෝස්ට් එකෙන් අපි කතා කරේ notepad එක භාවිතා කරලා bat file හදන එක ගැන නේ.ඒක තවම බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්නකෝ . අද කියන්න යන්නේ vbs එහෙමත් නැත්තම් VBScript වර්ගයේ file වලින් කරන අනං මනං වැඩ ටිකක්. 

Message එකක් ඇහෙන විදියට හදමු....  

                                         මේකෙන්  කරන්නේ අපි දෙන මොකක් හරි Message එකක් නැවත ඇහෙන්න සලස්වන එක. කරන්න ඕනේ ඇ හදන file එක ඩබල් ක්ලික් කරලා open කරන එක විතරයි. හරි.... එහෙනම් notepad එක ඕපන් කරගෙන මේ කෝඩ් එක copy paste කරගන්න්කෝ.

speaks=" welcome to your computer "
CreateObject("sapi.spvoice").Speak speaks

මේකේ පලවෙනි පේලියේ ( = )ලකුණට පස්සේ අපි ටයිප් කරන වචන තමා ඇහෙන්නේ. ඒ කියනේ welcome to your computer කියලා තමා ඇහෙන්නේ.තමන්ට කැමති විදියට ඕනේ නම් නම එහෙමත් දාලා Message එකක් ටයිප් කරගන්න. ඊට පස්සේ මේක කැමති නමකින් අගට .vbs කියල එන විදියට save කරගන්න. හොදට මතක  තියාගන්න bat එහෙම නෙවේ ඔන්න vbs හරිද?  (උදා : welcome.vbs) . හරි දැන් එහෙනම් save කරගත්ත එක ඕපන් කරලා බලන්නකෝ. හැබැයි අපි ටයිප් කරපු එක ටිකක් අමුතු විදියට තම ඇහෙන්නේ .  :D
                                       ඕනේ නම් මේක computer එක ඔන් වෙනකොට ඇහෙන විදියට දාන්න පුළුවන්. හැබැයි දැනට ඔන් වෙනකොට අර welcome sound එක එනවනම් ඒක අයින් කරලා ඉන්න. Control panel > sound & audio device ගිහින් sound ටැබ් එකෙ sound scheme එක no sound කරන්න. ඊලගට අපි අර හදාගත්ත welcome.vbs file එක startUp එකට save කරගන්න ඕන. එතකොට computer එක on වෙනකොට ඉබේම එකත් run වෙනවා. ඒක කරන්නේ මෙහෙමයි..
windows xp නම් : 
C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup වලට ගිහිල්ලා save කරගන්න.

windows 7 නම්  :   
 C:\Users\User-Name\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup  වලට ගිහිල්ලා save කරගන්න.

හරි දැන් එහෙනම් මේකත් භාවිතා කරලා පොඩි fun වැඩක් කරන හැටි බලමු  :D

CD Tray එක පිස්සු වට්ටමු .... 

                                       CD Tray එක නවතින්නේ නැතුවෙන්නම වැඩ කරවන්න තමා දැන් යන්නේ :D . ඒ කියන්නේ tray එක ඇරෙනවා වැහෙනවා ... අයෙත් ඇරෙනවා වැහෙනවා .....//. කරන්න ඕනේ මේකයි. මේක paste කරලා .vbs වලින් save කරගන්කෝ (උදා : eject.vbs)

Set a = CreateObject("WMPlayer.OCX.7" )
Set c = a.cdromCollection
if c.Count >= 1 then
do
speaks=" virus detected "
CreateObject("sapi.spvoice").Speak speaks
For i = 0 to c.Count - 1
c.Item(i).Eject
Next ' cdrom
For i = 0 to c.Count - 1
c.Item(i).Eject
Next ' cdrom
loop
End If

කලින් කරපු විදියට speak  එකට පස්සේ මේක වැඩ කරනකොට ඇහෙන විදියට මොකක් හරි Message එකක් දෙන්න. මම ඉතිං fun එකටත් එක්ක  "Virus detected" කියල දැම්මා : O දැන් වැඩේ හරි ඔන්න. මේක නවත්තා ගන්න ඕනේ නම් Ctrl + Alt + Del ඔබලා Task manager යන්න. processes ටැබ් එකේ run වෙන  wscript.exe  එක End Process කලාම හරි ඔන්න. කරලා බලලා මොනව හරි comment එකක් වත් දාලා යන්නකෝ... :)
 

3 comments:

  1. එල....වෙන දේ පැහැදිලියි...ඔය තියන දේවල් ටික .bat file එකකින් කරගන්න බැරිද බං?.

    ReplyDelete
  2. මේකේ කරාලා තියෙන්නේ VB script වලට අදාළ commands වලින්. ඒ හින්දා .bat format එකෙන් save කරලා කරාට වැඩ කරන්නේ නෑ.එහෙම කරලා run කරනකොට error එකක් දෙයි.bat format එකෙන් කරනවා නම් batch script වලට අදාළ key words සහ commands වලින් ලියන්න ඕනේ..

    ReplyDelete
  3. නියමයි, මල් හතයි !

    ReplyDelete