කලින් පෝස්ට් එකෙන් අපි කතා කරේ notepad එක භාවිතා කරලා bat file හදන එක ගැන නේ.ඒක තවම බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්නකෝ . අද කියන්න යන්නේ vbs එහෙමත් නැත්තම් VBScript වර්ගයේ file වලින් කරන අනං මනං වැඩ ටිකක්.
Message එකක් ඇහෙන විදියට හදමු....
මේකෙන් කරන්නේ අපි දෙන මොකක් හරි Message එකක් නැවත ඇහෙන්න සලස්වන එක. කරන්න ඕනේ ඇ හදන file එක ඩබල් ක්ලික් කරලා open කරන එක විතරයි. හරි.... එහෙනම් notepad එක ඕපන් කරගෙන මේ කෝඩ් එක copy paste කරගන්න්කෝ.
speaks=" welcome to your computer "
CreateObject("sapi.spvoice").Speak speaks
CreateObject("sapi.spvoice").Speak speaks
මේකේ පලවෙනි පේලියේ ( = )ලකුණට පස්සේ අපි ටයිප් කරන වචන තමා ඇහෙන්නේ. ඒ කියනේ welcome to your computer කියලා තමා ඇහෙන්නේ.තමන්ට කැමති විදියට ඕනේ නම් නම එහෙමත් දාලා Message එකක් ටයිප් කරගන්න. ඊට පස්සේ මේක කැමති නමකින් අගට .vbs කියල එන විදියට save කරගන්න. හොදට මතක තියාගන්න bat එහෙම නෙවේ ඔන්න vbs හරිද? (උදා : welcome.vbs) . හරි දැන් එහෙනම් save කරගත්ත එක ඕපන් කරලා බලන්නකෝ. හැබැයි අපි ටයිප් කරපු එක ටිකක් අමුතු විදියට තම ඇහෙන්නේ . :D