Text


Sunday, July 3, 2011

ඕන තැනක ලේසියෙන් සිංග්ලිෂ් ටයිප් කරන්න කැමතිද?

Copy  paste කර කර  සිංහලෙන් type කරලා එපා  උනාද? එහෙනම්   මෙන්න Google IME ..                                           
   
                                                             අද ගොඩක් අය සිංහලෙන් ටයිප් කරන්න භාවිතා කරන්නේ විජේසේකරයතුරු පුවරුව නෙ. එත් ඉතින් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඔකේ සිංහල අකුරු තියෙන තැන හරියටම මතක නැති එකනේ.  (: ඩි) එක හින්දා ගොඩක් දෙනා කැමති සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න.එකට නම් ඉතින් ඕන තරම් එසැනින් පරිවර්තක තියෙනවා.ඒත් ගොඩක් ඒවගේ කරන්න ඕනෙ  ටයිප් කරලා ඉවර උනාම copy paste කරලා අවශ්‍ය තැනට දාගන්න එක.
                                                            ඒත් මම කියන්න යන්නේ ඊට වඩා පහසුවෙන් අපිට අවශ්‍ය තැනම සිංග්ලිෂ් වලින් ට්යිප් කරන්නේ කොහොමද කියලා. නෝට්පෑඩ් එකේ, මුණු පොතේ, වෙබ් පිටුවල වගේ ඕන තැනක ලේසියෙන් එකපාර ටයිප් කරගන්න පුලුවන්. Google IME ගැන ගොඩක් දෙනා දැනටමත් දන්නවා වෙන්න පුළුවන් ඒත් නොදන්නා කව්රු හරි ඉන්නවා නම් ඒ අයට උදව්වක් විදියට තමා මේ පෝස්ට් එක දාන්න හිතුවේ.
  • ඉස්සරෝම  ඔබේ පරිගණකයේ සිංහල යුනිකේත ස්ථාපිත කරලා නැත්තම්  මෙතනින්  අදාල යුනිකේත install කරගන්නකෝ .
  • ඊට පස්සේ  මෙතනින්  Google IME පිටුව ගිහින් දකුණු පැත්තේ තියෙන box ඒකේ choose your IME languageකියන තැන sinhalese කියලා සිලෙක්ට් කරන්න.(32 bit ද  64 bit ද කියලත් එතැනින් සිලෙක්ට් කරලා IME එක downlod කරගන්න. )
  • ඊට පස්සේ  දැන් ඔය download කරගත්ත ෆයිල් එක පරිගණකයට install කරගන්න.
  • දැන් toolbar එක උඩ rigth click කරලා tool bars->language bar ගිහින් language bar එක සක්‍රීය කරගන්න.එහෙම එකක් පෙන්වන්නේ නැත්තම් මේ විදියට settings වෙනස් කරලා බලන්න. 
 
windows 7 / vista සදහා :

  1. Control Panel -> Regional and Language Options ගිහින් Keyboard and Languages tab එකේ Change keyboards යන්න.
  2. එතකොට ඕපන් වෙන Text services and input languages ඩයලොග් බොක්ස් ඒකේ Language Bar tab එක සිලෙක්ට් කරගන්න.
  3.  එකේ දෙවනියට තියෙන Docked in the taskbar කියන එක සිලෙක්ට් කරලා apply කරගනන. 




windows XP සදහා : 

  1. Control Panel -> Regional and Language Options -> Languages tab -> Text services and input languages (Details)Advanced Tab -> එකට යන්න.
  2. System configuration වල  Turn off advanced text services කියන එක සිලෙකට් වෙලා තියෙනවා නම් එක වෙනස් කරන්න.
  3. ඊට පස්සේ Language Bar tab එකේ  Show the Language bar on the desktop සිලෙක්ට් කරලා apply කරගන්න. 






ඔන්‍න‍  දැන් නම් වැඩේ හරි ඇති කියලා හිතනවා. දැන් ඉතින් මේ විදියට toolbar එකෙන් ඕන වෙලාවට භාෂාව මාරු කරලා ඕන තැනක සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න. ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්නකෝ.... :)

5 comments:

  1. Congratzz.........nice work.Keep it up & wish u all the best.,..ettatama matath oya problem 1 thibba.google copy paste.hikz..nw k.danne danne IME.nice.......

    ReplyDelete
  2. nice work bro. godak kattiya sinhala typing karanna godak amru wenawa. egollanta mekath honda udawwak.

    ReplyDelete
  3. ela kiri macho, honda start ekak. jaya wewaaaaaa!

    ReplyDelete
  4. එල එල....නියම පෝස්ට් එක මචෝ....උබුන්ටු වලට සිංහල ටයිප් කරන්න පුලුවන් විදියක් තියනවනම් ඔයවගේ පොඩ්ඩක් කියපන්කෝ....

    ReplyDelete
  5. Linux වල සිංහල ටයිප් කරන විදිය ගැන මේ බ්ලොග් එකේ http://blogs.geegain.com/post/12192/sinhala-typing-for-linux-ubuntu
    විස්තර තියෙනව..

    ReplyDelete