Text


Wednesday, July 20, 2011

Notepad එකෙන් ආතල් වැඩ ටිකක් #2

                                                           කලින් පෝස්ට් එකෙන් අපි කතා කරේ notepad එක භාවිතා කරලා bat file හදන එක ගැන නේ.ඒක තවම බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්නකෝ . අද කියන්න යන්නේ vbs එහෙමත් නැත්තම් VBScript වර්ගයේ file වලින් කරන අනං මනං වැඩ ටිකක්. 

Message එකක් ඇහෙන විදියට හදමු....  

                                         මේකෙන්  කරන්නේ අපි දෙන මොකක් හරි Message එකක් නැවත ඇහෙන්න සලස්වන එක. කරන්න ඕනේ ඇ හදන file එක ඩබල් ක්ලික් කරලා open කරන එක විතරයි. හරි.... එහෙනම් notepad එක ඕපන් කරගෙන මේ කෝඩ් එක copy paste කරගන්න්කෝ.

speaks=" welcome to your computer "
CreateObject("sapi.spvoice").Speak speaks

මේකේ පලවෙනි පේලියේ ( = )ලකුණට පස්සේ අපි ටයිප් කරන වචන තමා ඇහෙන්නේ. ඒ කියනේ welcome to your computer කියලා තමා ඇහෙන්නේ.තමන්ට කැමති විදියට ඕනේ නම් නම එහෙමත් දාලා Message එකක් ටයිප් කරගන්න. ඊට පස්සේ මේක කැමති නමකින් අගට .vbs කියල එන විදියට save කරගන්න. හොදට මතක  තියාගන්න bat එහෙම නෙවේ ඔන්න vbs හරිද?  (උදා : welcome.vbs) . හරි දැන් එහෙනම් save කරගත්ත එක ඕපන් කරලා බලන්නකෝ. හැබැයි අපි ටයිප් කරපු එක ටිකක් අමුතු විදියට තම ඇහෙන්නේ .  :D

Thursday, July 14, 2011

Notepad එකෙන් ආතල් වැඩ ටිකක් ....

                                                           ගොඩ දවසකට පස්සේ අද තමා ඔන්න පෝස්ට් එකක් දාන්න වෙලාව ලැබුනේ. ඉස්සරෝම කියන්න ඕන කලින් පෝස්ට් එක බලපු, comment කරපු, දිරිගන්වපු හැමෝටම ගොඩක් ස්තුතියි.අද කියන්න යන්නෙ  ඔන්න Notepad ගැන. කම්පියුටරේ අපි අඩුවෙන්ම භාවිතා කරන editor එකක්නෙ මේ Notepad කියන්නේ :D ඒත් මේකෙන් කරන්න පුළුවන් වැඩ නම් හරිම ලොකුයි. ඒ වගේම හරිම භයානකයි. :O ඒ මොකද කියලා මේක කියවලා ඉවර උනාම තේරෙයි ඔයාලට .
                                                         ඇත්තටම මේවා Batch Script කියලත් හදුන්වනවා. හැබැයි Windows වල විතරයි වැඩ කරන්නේ.කතා ඇති දැන් වැඩේට බහිමු.ඉස්සරෝම Notepad එක ඕපන් කරගන්නකො.(Start > Run ගිහිල්ලා Notepad කියලා type කරන්න.

Applications  ඕපන් කරගන්නා  ආකාරය.

                                        Notepad එකේ මේ විදියට ටයිප් කරගන්න. 
start notepad 
start wordpad 

ඊට  පස්සේ මේක test.bat කියන නමින් save කරගන්න.හොදට මතක තියාගන්න අගට .bat කියන නමින්ම save වෙන්න ඕනේ.දැන් save වුනු ඒක ඕපන් කරලා බලන්නකෝ .අපි දුන්න විදියට notepad එකයි wordpad එකයි ඕපන් වෙලා ඇති.කරන්න තියෙන්නේ අර bat file ඒක ඩබල් කිලික් කරන ඒක විතරයි.තව calc, firefox, winword, excel වගේ application වල නම් මේ විදියටම  දීල ඒවා ලේසියෙන් ඕපන් කරගන්න පුළුවන්.

Sunday, July 3, 2011

ඕන තැනක ලේසියෙන් සිංග්ලිෂ් ටයිප් කරන්න කැමතිද?

Copy  paste කර කර  සිංහලෙන් type කරලා එපා  උනාද? එහෙනම්   මෙන්න Google IME ..                                           
   
                                                             අද ගොඩක් අය සිංහලෙන් ටයිප් කරන්න භාවිතා කරන්නේ විජේසේකරයතුරු පුවරුව නෙ. එත් ඉතින් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඔකේ සිංහල අකුරු තියෙන තැන හරියටම මතක නැති එකනේ.  (: ඩි) එක හින්දා ගොඩක් දෙනා කැමති සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න.එකට නම් ඉතින් ඕන තරම් එසැනින් පරිවර්තක තියෙනවා.ඒත් ගොඩක් ඒවගේ කරන්න ඕනෙ  ටයිප් කරලා ඉවර උනාම copy paste කරලා අවශ්‍ය තැනට දාගන්න එක.
                                                            ඒත් මම කියන්න යන්නේ ඊට වඩා පහසුවෙන් අපිට අවශ්‍ය තැනම සිංග්ලිෂ් වලින් ට්යිප් කරන්නේ කොහොමද කියලා. නෝට්පෑඩ් එකේ, මුණු පොතේ, වෙබ් පිටුවල වගේ ඕන තැනක ලේසියෙන් එකපාර ටයිප් කරගන්න පුලුවන්. Google IME ගැන ගොඩක් දෙනා දැනටමත් දන්නවා වෙන්න පුළුවන් ඒත් නොදන්නා කව්රු හරි ඉන්නවා නම් ඒ අයට උදව්වක් විදියට තමා මේ පෝස්ට් එක දාන්න හිතුවේ.

ආරම්භය....

ඔන්න ඉතින් මාත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගත්තා..මේක තමා මගේ පලවෙනි පොස්ට් එක.ඊලඟ එකේ සිට වැදගත් යමක් දෙන්න තමා මගේ බලාපොරොත්තුව.